Isuru Gunasekara - Founder of TTES

උසස් අධ්‍යාපනයෙන් පසු වෘත්තීය අධ්‍යාපනය තෝරාගත් ඔහු ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ 2016 කණ්ඩායමේ සිට වෘත්තීය ගමන් මග ආරම්භ කලේය. 2016 වර්ෂයේ මෝටර් රථ වායූ සමීකරණ අංශයේ විශිෂ්ටතමයාට හිමි සහතිකය සහිතව රැකියාගත මෝටර් රථ කාර්මික ක්ෂේත්‍රයේ සිට පසුව වෘත්තීය මෝටර් රථ විදුලි කාර්මික උපදේශකයකු ලෙස පෞද්ගලික වෘත්තීය ආයතනයක ගුරු උපදේශකු ලෙස කටයුතු කලේය. ඉගෙනීම යනු හුදෙක් දැනුම පමණක්ම නොව ආකල්ප හා කුසලතා ත්‍රිත්වයේ එකතුවක් බව තේමාව කරගත් ජාතික වෘත්තීය සුදුසුකමේ - මට්ටම් 4 (NVQL4/SLQL2) සම්පූර්ණ කර මරදාන කාර්මික විද්‍යාලයේ තාක්ෂණවේදය සඳහා ජාතික සහතික පත්‍රය සහිතව ජාතික සුදුසුකම් මට්ටම් 5 (NVQL5/SLQL3) ලබා ඇත. ගුරු භූමිකාව තුළ සිසුන් හා කටයුතු කිරීමට හා අවශ්‍යතාවයන් මත වැදගත් වන මනෝඋපදේෂණය ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරා ඇති ඔහු පසුව මානව සම්පත් කළමණාකරණය සහ පරිපාලනය සම්බන්ධද ඩිප්ලෝමාධාරියෙකු වේ.

තමා වටා එක් වන සිසු පිරිසට අවශ්‍ය දැනුම නිසායාකාරව ලබාදීමටත් එය කාර්යක්ෂමව ලබාදීමටත් අවශ්‍ය සියළු කුසලතාවයන් වර්ධනය කරගත් ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ කාර්මික ඉංජිනේරු අංශයේ මෙකාට්‍රොනික්ස් පිළිබදව මූලික අධ්‍යාපනය ලබා ඇති අතර ලීන් කළමණාකරණය පිළිබදව සහතික පත්‍ර පාඨමාලාවක් සහ නිෂ්පාදනයක ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සම්බන්ධව ඩිප්ලෝමා පාඨමාලාවක්ද හදරා තිබෙන අතර ශ්‍රී ලංකා ඉංජිනේරු කවුන්සිලයේ (ECSL) මෝටර් රථ කාර්මිකයෙකු ලෙස ලියාපදිංචි ඔහු ශ්‍රී ලංකා මෝටර් රථ ඉංජිනේරු සංගමයේද(IAESL) සමාජිකත්වයෙකි.

අප රට තුළ වෘත්තීය කාර්මික ක්ෂේත්‍රයේ කටයුතු කරන මෙන්ම ක්ෂේත්‍රයේ ඒමට ඇල්මක් දක්වන අය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ දැනුම ලබාගත හැකි අවස්ථාවන් රාශියක් නිර්මාණය කර ඇත. තාක්ෂණික විද්‍යාලයක ඉගෙනුම ලබන ඕනෑම අයෙකුට අවශ්‍ය දැනුම ආයාසයකින් තොරව ලබාගත හැකි තෝතැන්නක් ලෙස එය පවතී. ඒ අතර වෘත්තීය මාර්ගෝපදේශණය සදහා මුහුණු පොතේ නිර්මාණය කල සමූහයද විශේෂයෙන් සදහන් කල යුත්තේ පාසල් අධ්‍යාපනයෙන් පසු වෘත්තීය අධ්‍යාපනයට යොමුවෙන අයෙකුට අවශ්‍ය මාර්ගෝපදේශණ, ක්ෂේත්‍රයේ පළපුරුදු ඇති අයෙගෙන් ලබාගත හැකි උපකාර රාශියක් සහිත සිසු සමූහයේද ආරම්භකයා ඔහුය.

දවසින් දවස තාක්ෂණය අළුත් වෙනවා සේම කැපවීමෙන් තම උගත් දැනුම නිරතුරුවම විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ වර්ධනය කරගනිමින් අධ්‍යාපනික ක්‍රමයේ වෙනත් මානයකට ගෙනයාමට උත්සහ දරමින් මෝටර් රථ තාක්ෂණය නවීන තාක්ෂණයට මුසු කරමින් මෝටර් රථ කාර්මික, විදුල, වායූ සමීකරණ සහ දෙමුහුන් තාක්ෂණය පිළිබදව ඉගැන්වීම් සිදුකරන
ඔහු,
ඉසුරු ගුණසේකර වේ.
Isuru Gunasekara Contact

Isuru Gunasekara Contact

වෘත්තීය අධ්‍යාපනයේ මෙන්ම උසස් අධ්‍යාපනයෙන් පසු අවශ්‍ය මාර්ගෝපදේශණ සහය සහ වෙනත් සම්බන්ධ කරගැනීම් සඳහා.

Technical Training and Educational School

වෘත්තීය තාක්ෂණික පාඨමාලා කණ්ඩායම් විස්තර

දිනෙන් දින යාවත්කාලීන වන තාක්ෂණය වඩාත් ක්‍රමවත් අන්දමින් ඉගෙනීමට හැකි වන ලෙසින් අද අප රටේ වෘත්තීය අධ්‍යාපනය අනෙක් අධ්‍යාපන අවස්ථාවන් අභිබවා ඉදිරියට පැමිණ තිබේ.... මෙවන් පසුබිමක වෘත්තීය අධ්‍යාපනයේ යෙදෙන සිසු සිසුවියන් වෙන්වෙන් අවශ්‍ය උපකාර ලබාගැනීමට හැකි වන ලෙසින් මෙය නිර්මාණය කර තිබෙන අතර තාක්ෂණික උපදේශක ඉසුරු ගුණසේකර සහ ඇඩ්මින් වරුන්ගේ සහය ඇතිව මෙය පවත්වාගෙන යයි.

Our Latest Articles