උසස් පෙළ තාක්ෂණික විෂය ධාරාව හැදෑරීම සඳහා විෂයන් 3ක් තොරා ගත යුතුය.
- තාක්ෂණවේදය සඳහා විද්‍යාව ප්‍රධාන විෂයක් ලෙස අනිවාර්යෙන් හැදෑරිය යුතුය.
- ඉංජිනේරු තාක්ෂණවේදය හෝ ජෛව පද්ධති තාක්ෂණවේදය යන විෂයන් අතුරින් එකක් තෝරා ගත යුතුය.
- තෙවන විෂය වශයෙන් විෂයන් 10ක් ඇතුළත් වන අතර ඉන් එක් විෂයක් තෝරා ගත යුතුය.
- ආර්ථික විද්‍යාව
- භූගෝල විද්‍යාව
- ගෘහ ආර්ථික විද්‍යාව
- ඉංග්‍රීසි
- සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
- චිත්‍ර කලා
- කෘෂි විද්‍යාව
- ගිණුම්කරණය
- ව්‍යාපාර අධ්‍යයනය
ජෛව පද්ධති තාක්ෂණය විෂය යටතේ කෘෂිකර්මය, පශු තාක්ෂණය, ආහාර තාක්ෂණය, පසු අස්වනු තාක්ෂණය යන ආදී සංචරක වේ. ජෛව පද්ධිති තාක්ෂණය හැඳින්වීම, ජල විද්‍යාව හා කාලගුණ විද්‍යාව, පාංශු ජල සම්බන්ධතා, ආහාර ආරක්ෂණය හා රෙගුලාසි, පසු අස්වනු තාක්ෂණය, ආහාර ඇසුරුම්කරණය හා ලේබල් කිරීම, ජලයේ ගුණාංග, ආහාර නිෂ්පාදනය, සත්ත්ව නිෂ්පාදන...
පෙර නොවූවිරූ තරම් දැවැන්ත වර්ධනයක්,සංවර්ධනයක් සහ භාවිතයක් තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්රයේ අද දක්නට ඇත.තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඕනෑම වයස් කණ්ඩායමක පුද්ගලයෙකුට අදාල සහ වැදගත් වන බැවින් මෙම ක්ෂේත්රයට අදාල න්‍යායාත්මක සහ සන්නිවේදන ප්‍රායෝගික නිපුණතා ලබාදීම අධ්‍යාපනය මුල් අවධියේ සිටම ආරම්භ කළ යුතු ය.
එම පාඨමාලාවෙන් ඉටුකර ගැනීමට අපේක්ෂා කරන අරමුණු පහතින් දැක්වේ. මූලික පරිඝණක පරිඝණක සාක්ෂරතාවක්ඇ ති කිරීම සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය දීර්ඝ වශයෙන් හැදෑරීම සඳහා අවශ්‍ය පදනම ලබාදීම. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විවිධ යෙදුම් පිළිබඳ පිළිබඳව සහ එමඟින්අ ත්වන ප්‍රතිඵල පිළිබඳව අවබෝධයක්ල බාදීම. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්බන්ධ සංකල්ප සහ මූලධර්ම පිළිබඳ දැනුම ලබා දීම.
ඉංජිනේරු තාක්ෂණවේදය විෂය යටතට සිවිල් ඉංජිනේරු, යාන්ත්‍රික ඉංජිනේරු, විදුලි ඉංජිනේරු යන විෂයන් අයත් වෙනවා. ඒ අනුව ඉංජිනේරු තාක්ෂණය, මූලික මෝටර්
යාන්ත්‍ර විද්‍යාව, මූලික විදුලි තාක්ෂණය සහ නිවාස වයරින් කිරීම, මූලික ගොඩනැගිලි ඉදිකිරීමේ තාක්ෂණවේදය, මූලික නිෂ්පාදන තාක්ෂණය එකලස් කිරීමේ ශිල්ප ක්‍රම,
යාන්ත්‍රික ඇඳීම, ඒකක හා මිනුම්, චලනය හා බල සම්ප්‍රේෂණ අංග, තාක්ෂණික කටයුතුවලදී සෞඛ්‍යය හා ආරක්ෂාව, විද්‍යුත් යන්ත්‍ර හා බල පද්ධති, මූලික ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා භාවිතය, ගෘහස්ත ජල සම්පාදනය...
ක්ෂුද්‍ර ජීව විද්‍යාව, ජීව රසායන විද්‍යාව, අමුද්‍රව්‍ය හා කර්මාන්ත, ප්ලාස්ටික ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය, සෙරමික්- වීදුරු හා නැනෝ තාක්ෂණය හැඳින්වීම, කාර්මික රසායන විද්‍යාව හා ශ්‍රී ලංකාවේ රසායනික කර්මාන්ත, මූලික ගණිත සිද්ධාන්ත පුනරීක්ෂණ, ත්‍රිකෝණමිතිය, ජ්‍යාමිතිය, මූලික කලනය, විස්තරාත්මක සංඛ්‍යානය, දෛශික හැඳින්වීම, බලය, දෘඩ
වස්තුවල සමතුලිතය, ව්‍යාවර්තනය, පීඩනය, නිව්ටන්ගේ නියම, ගුරුත්වාකර්ෂණය, භ්‍රමණ චලිතය,
පරිගණක මෘදුකාංග යෙදවුම්, අන්තර්...
ඉංජිනේරු තාක්ෂණවේදය Engineering Technology
වර්තමානයේ උසස් පෙළ සිසුන්ගේ වැඩිම තේරීමක් තිබෙන තාක්ෂණවේදය විෂය ධාරාව තෝරාගැනීම ඔබ ගත් ඉතාම නිවැරදි තීරණයක් ලෙස හැදින්විය හැක. ඉන් ඉංජිනේරු තාක්ෂණවේදය විෂයද වඩාත් වැදගත් වනුයේ අප රටට අවශ්‍ය ශ්‍රම දායකත්වයට අවශ්‍ය දැනුම සදහා වැඩි දායකත්වයක් ඔබට දිය හැකි නිසාවෙනි. මෙම විෂය මෝටර් රථ තක්ෂණය, ගොඩනැගිලි තාක්ෂණය, විදුලි හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය වැනි ඉතා වැදගත් ඒකක කිහිපයකින් සමන්විත විෂයකි… එමෙන්ම ව්‍යවසායකත්වය හා කළමණාකරණය, ඉංජිනේරු ඇදීම, ප්‍රමාණ සමීක්ෂණය, කසල අපවහණය වැනි ඒකකද මෙහි ඇතුලත්වේ.
උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාව තෝරාගෙන ඉන් ඉංජිනේරු තාක්ෂණවේදය විෂය තෝරාගන්නා ඔබට උසස් පෙළ විභාගය හොදින් සමත් විමෙන් පසු ඉංජිනේරු තාක්ෂණවේදී ගෞරව උපාධිය (Engineering Technology Hons) සදහා රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුලත් විය හැක.. ඉංජිනේරු තාක්ෂණවේදය ඔස්සේ තාක්ෂණවේදය හැදැරීම මගින් ඇතුළත් විය හැකි පාඨමාලා සහ ඒවට ඇතුළත් කරගන්නා ප්‍රමාණය මෙහි සවිස්තරාත්මකව දක්වා ඇත.
මෙම විෂය ඉගෙනුම ලබන සිසුවාට විවිධ පැතිකඩයන් ඔස්සේ තාක්ෂණික හා වෘත්තීයමය රැකියා අවස්ථාවන් සදහා අවශ්‍ය දැනුම ලබාදෙන අතර ඒ ඔස්සේ උසස් අධ්‍යාපනය නිම කිරීමෙන් පසු රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුලත් වීමට තරම් ඔබගේ ප්‍රතිඵල ප්‍රමාණවත් නොමැති නම් තාක්ෂණ විද්‍යාලයකට (University College) ඇතුලත් වී NVQ 5 සහ NVQ 6 යන ඩිප්ලෝමා හෝ වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයට (University of Vocational Technology) ඇතුලත් වී තාක්ෂණවේදී ගෞරව උපාධිය(Bachelor of Technology Hons - BTEC) උපාධියද ලබාගත හැක.
ශ්‍රී ලංකා වෘත්තීය විශ්ව විද්‍යාලය හරහා ඔබගේ උපාධිය සම්පූර්ණ කරගැනීමටත්, සෑම දිස්ත්‍රික්කයක ම තිබෙන තාක්ෂණික විද්‍යාල මගින් වෘත්තීයමය පාඨමාලා රාශියකින් ඉංජිනේරු අංශයේ රැකියා අවස්ථා සදහා යාමට අවශ්‍ය මාවත නිර්මාණය කරදෙයි.
Engineering Technology / Live Online Classes
ඉංජිනේරු තාක්ෂණවේදය විශය නිර්දේශයට අදාල ඒකක වල සිද්ධාන්ත ආවරණය වන ලෙස සකස් කල වීඩියෝ පාඩම් මාලාවක් ලෙස ලබාගත හැකිය.
මිලදී ගැනීමටRevision with Full paper class
Join classFull theory Discussion
Join class